දිවි නිම්නයේ අතරමං වී සිතින්  හැඩූ

 

 

සිතුමි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සුභාෂා  දර්ශනී ජයවර්ධන  162/290, සපුමල්  උයන නැදුන්ගමුව

 

 

 

 

පූජාව

 

 

මහ කන්දකි

මා  අස නුඔ 

 

පන්සල්  කන්දේ  ඉරු  දෙවියන්

පාන්කරුවලේම  හිනැහුණ අරුමය

මේ සා මඟක    මහත නම් එය මැයි,

 

නුඔ ගුරු ගීතයයි,

මියුරු සරක්  වු

මගේ දිවිය මැද

 

ආදරෙයි 

ගුරු මෑණීයණි  පියෙණි හැමදා 

                                                                 ඤ්ඤානන්ද හිමි

ගීතා  කමණි ජයසූරිය

සුනිල් ශාන්ත  ගනේපොල

සිසිරකාන්ති 

සිිරකුමාර 

උපුල්  ශාන්ත සන්නස්ගල  

ඇතුලු  සියලූම  ගුරු  මෑණීවරු හා පියවරුන්ට  සෙනෙහසින් 

 

 

 

 

 

 

 

 

 

සිතු   ...කට වහගනිං  සැරයක්  කිව්වහම

න්නෑ...... ඇයි.?

යකෝ  මේකිට ....

දම්ම පැනපු  හැටියේම අත දිගෑර සිතූගේ  වම්  කොපුල හරහා ඔහුගේ  දකුණත  යැවීය. 

එකෙනෙහිම ඇයද  වම්  කොපුල  දෝතින් බදා ගත්තාය.

ඔහු දත්මිටි කමින් පසුපසට විය.

ගෑණූ ඉන්න ඕන  ගෑණු  විදිහට 

අතරේ ඔහු  කීවේය. 

යලිත් කාමරය  දෙස වරක් වත් නොබලාම  ඔහු  යන්නට  ගියේය. ඇද  පාමුල හීනියට  ඉදගත්  සිතු දෑස තුළ  පොදිකන  කඳුළු මිරිකුවාය.

හොද හොද සෙල්ලම් එළිවෙන  ජාමෙටලු.   මඟුල කතා කරද්දි  කපුවා  මල්ලට  දැම්ම  සර්පයා  එළියට ඇදන්නේ දැන් යැයි  සිතුට  සිතෙන්නට  විය.  තමාට මේ මනුස්‍යා හොද නැතැයි  කියා ගෙදර යන්නටද  බැරිය. සහෝදර  සහෝදරියන් සිව්  දෙනකුගෙන් යුතු පවුලේ  සිව්වැනියා   සිතුමිණි නම් තමාය.   එහෙත්  ඔවුන්  සියල්ලෝම  එක්  පසෙක  සිට  තමා  මෙම මනුස්‍යාටදී  බිලි  දුන් හැටි  සිහිවෙද්දි  ඔවුන්  ළඟට  ඇයට  යන්නට සිත්  නොදෙයි. ඔහු  ගැසු පහරට  වඩා ඇගේ සිත  දුකින්  බර  වුයේ    පිළිබඳව  සිහිවීමෙනි.

ඔහු බොහෝ විට   සිය  මව්පියන්  බැලීමට මහගෙදරට  යන්නේ   ඉරිදා දිනයන්හීදීය. එහෙත්  මුලදී  මෙන් නොව    කාලය ගෙවෙද්දි  තමා එසේ  ගිය  විට  යළි  පැමිණෙන්නේ  ඇගේ  සිත  හොදටම  රිදවාගෙන  බැවින්,   තමා  එහි යන්නට  අකමැති වුවාය. ඒ වෙනුවට  තමා  ඔහුට  චිත්‍රපටයක්  බලමු  යැයි  යෝජනා කලේ  සැමදාම  ඔහු  වැඩට  ගිය පසු ගෙදරට   හිරවී  සිටින  ඇගේ  සිතේ වෙනසකටත්  එක්කමය.

අනේ  දම්ම  අපි  කාලෙකින්  ගියෙත් නැති නිසා හෙට යමුද?

පිස්සු  නැතිව  නිදාගන්නවා  සිතුමිණි  ..  දැන් අඩු එච්චර  තමයි  ..

ඔහු  සමච්චලයට  සිනාවෙන  අයුරු  දකිද්දි  ඇගේ  ඉවසීමේ සිමාව  පැන ගියේය. 

ඔව්  ඔයාටනම් මොකද  මම  මේක  අස්සට වෙලා  ඔ්හේ  දවස  ගෙවනවා  

ආ... ඇත්තද  තමුසෙගෙ  පාලුව  මකා  ගන්න  ළමයෙක්  හදාගන්නවාකෝ  කොහෙද  එහෙම  වාසනාවක්  අපේ  ගෑණුන්ට 

මොකක්ද  දම්ම  ... ඔයා  ඔය කියන්නේ  තවම බැදලා  අවුරුද්දයි  මහා කාලයක්ද?  අනික  ඔයත්  මේවට වඟ  කියන්න  ඔිනෑ  ඇයි මම  විතරක් 

අනේ කට වහපං  සිතූ  මම  තමයි වැදි  මමනේ  හාං  ගාලා  කරගහාගත්තේ  කොහෙද  යන කරුමයක්  ගෙදර මිනිස්සුන්ටත්  එපාවෙලා  තිබුණු  එකියක්  ...

මට  දැනුනේ  මහා ලැජ්ජාවකි  දුකකි  ...

ඔව්  මං  කරුමයක්  තමයි  යකෝ  මං  එන්නේ  නෑ  ඔබගේ  මහාලොකු  ගෙදර යන්න  සිතූ  කෑලැසුවේ    හැගීමෙණි.

ඔහු  මොනවා වුනත්  මාගේ  ස්වාමියා වෙච්චි ඔහුට ලැජ්ජා  කරන්නට   මට තුන්හිතකවත්  තිබුනේ නැත.එහෙත්  ඔහුගේ වදන්  තමාගේ  හිත කීරිිගස්සමින්  තිබුනේය. ඔහු සමඟ  එකට එක කීමක්  හො  කටගැසීමක්  නොව  තමාගේ  පැත්තෙන් මා  වෙනුවෙන්  පෙනී  සිටින්නට  මටද  අයිතියක්  ඇත්තේ  නොවේද?  ඇය  සිතුවේ  එලෙසිනි. 

කුඩා  කල සිටම  තිබු  යටත්පහත් වීම   පෑගී  සිටිම  නැතහොත්  පසුබෑම  තමාගේ  ජීවිතයේ  අඩක්  ගිල දමූ  බව  ඇගේ  හැගීමයි.  ඉදින්  ඉතිරි අඩ ද  එසේ  ගෙවා  දමන්නට වෙවියැයි  ඈ හට  දැඩි  බියක් දැනෙමින්  තිබුණි. අනුන්නට  ඔිනෑ විදිහට  ජීවත්  වීම  ඇයට  එපා  වී  තිබුණි.  නවුම් බලාපොරොත්තු  පොදි  බැද ගෙන  ඔහු  සමඟ  ආවේ මෙවන්  ජීවිතයක්  ගෙවන්නට  දැයි  සිතෙත්දී  ඇගේ  කදුළු  අලුත්වන්නට  විය.  නිවසේදි මෙන්ම  මෙහිදී ද  වැරදි  කරු  තමන්  වීම  මොන අරුමයක්ද?  පෙර  දවස  නිවසේ යුවතියක  ලෙසින්  ළමයකු  වශයෙන්  කල්  ගෙවද්දි    පවුල තුළ සිදුවන  බොහෝ  වැරදි  හී  මුල  ඇය  ලෙසින්  කොන්  විය.  බැනුම්  ඇසුවාය.    එ දවසද  මිටි  තැනින්  අපුරුවට  වතුර  බැස  ගියේය.    දිවිය  අහවර  යැයි  සිතුවද  නැත  එය  අලුත්  වෙසෙසින්  නැවත  ඇතිවෙමින් පවතියි.

ඔහු  හිමිහිට  කාමරයට  පැමිණියේය.  නිහඩවම  ඇඳට  නැඟ නිදන්නට  වූවේය.

මා හීල්ලුවෙමි.

සිතූ  ....

ඔහු  ඇමතුවෙත්  ඔරලෝසුවේ  එක  පසුවී  අඩ  හෝරාවක්  ගෙවී  ගොස්  ඇති  බව නාද  වුයේත්  එකටමය.

එනවා  නිදා  ගන්න ඔය  මදෑ 

ඔහු  සන්සුන්  වී  සිටිති. මේ  මීට  පෑ  කිහිපයකට  පෙර  යකා  නැටු  මිනිසාද යැයි  කිසිවකුට සිතා  ගත  නොහැක.   

එදින  ඇය සමඟ  තමාගේ නිවසින් පිටවද්දී  ඇය  හැඩුවේ නැත.  මා සම්ප්‍රධාය  බින්දෙමි.මා  සිටියේ මටම බුම්මාගෙනය .  මට මතකය  ඔහු  බොහෝ කරුණා බරින් ම  දේස බලා සිටියේය. ඒ බැල්ම  ...

දුක්වෙන්න එපා මම  ඉන්නවනේ  

සිතුමිගේ  කන්  අසල නැවත්  ඇසී නෑසී ගියේය. ඇය කීරී ගැසී ගියෙය්ය.

සිතූ  කිව්වම  එන්න  ..ඉතිං  .. මටත් තරහා යනවානේ  ඔයා  මට  වඩා  කෑගහද්දි  .. එහෙම හොද  නෑනේ .. අනික  මං ගෑනිට අත  උස්සන්න  හිටපු  මිනිහෙක් නෙවේ....

හුම් කමක්  නෑ   ඔයා නිදාගන්න .... මිනිස්සු  හිතලා  වැරදි  කරන්නෑනේ  .. එකට සමාවෙන්න කියලා  දැන් කියන්න  හදන්නේ

ඔහු  කිසිත් නොදොඩා ම සිනාසුනේ සියල්ල  අහවර  වු  බව  හඟවන්නට මෙනි.

මෙහෙමත්  කපටි  කමක් 

එන්න  ඉතිං 

 

පිරිමින්ට  අනෙක්  මිනිසුන්ට  නොහිතා  වැරදුනාට  මට වරදින්නේ  හොදට  හිතලා  මං   මිනිසුසන්ගෙන් පළිගන්න  වැඩ  කරන නිසා  නේ 

සිතුමිණිගේ  සියොලඟම වෙව්ලා  ගියේ ඇගේ අසරණකමටය.  ඇය  අදුරේ උන්තැනම  දිගෑදුනේ අමු සීතලේමය. මේ  තමයි  මගේ  ජීවිතය.ඇයට හීල්ලිණි.    සර්පයකු  සමඟ ජීවත්වන්නේ  යැයි හැගෙන  විට  මින් කොහේ හෝ  පළ ගොස් හැංගෙන්නට ඇයට  සිතුණි. ජීවිතය සිහින  චිත්‍රපටයකි.  

 

 

කිසිදු  හැල හොල්මනක් නොමැතිව  සතියක් නිමා වූයේය.  අපට  රුච් අරුචි  කම් අනුව ජීවිතය  ගෙවන්නට නොහැකි වන්නට  පුළුවන එහෙත් මෙපමණක අරුචිකම් මැද  ගෙවන්නට   වේයැයි  ඇය කිසිවිටෙක  සිතුවේ  නැත.  නිවසේ සුපුරුදු  වැඩ  නිමවා  සිතුමි  පැමිණ රූපවාහිනී  යන්ත්‍රය ළඟ නැවතුණි.  ගොර හඩින් පැමිණ   අත්වැට්ටරයක් පැමිණ ඔවුන්ගේ මිදුලේ  නතර  විය. 

අයියේ..

ආ මල්ලි 

දම්ම වහා වහා හැද සිටි සරම  ගැට ගසමින්  එළියට  දිව්වේය.  සිදුවන්නේ  කුමක්දැයි සිතා  ගැනීමට  අපහසුව ඇය  බලා සිටියාය.

ඔවුන් ළිං වළලු  දෙකක්  මිදුලට  දැමු  ඔවුන්   ආපසු  ගියේය.  ඒ හඩද මැකීයමින් තිබුනේය. 

සිතු  ළිදේ බැම්ම  කඩා  වැටෙන්න යන්නේ වලලු  දෙකක්  දාන්න වෙයි.  මං  අද  එන්න කිව්වා  කොල්ලො  දෙතුන් දෙනෙකුට   කැම  ටිකක් හදන්න පුළුවන්නේ ...

ඔහු  කියද්දී  ඇය  ඔහේ  අසා සිටියාය. 

සිතුමිණි දැනුනේ තරහාවක් දෙවියනේ මෙහෙමත් මිනිහෙක් නිකන්වත්  ඊයේ රාත්‍රියේ මේ බවක් කව්වා නම්  උදේම ඒ  අයටත්  එක්කම  කෑම පිසින්ට තිබුණා  නොවේද  දැන්  ඇයට  වෙහෙසිම් දෙකකි . 

මුවින් නොබැන ඇය මුළුතැන්ගෙට  වැදුණාය .

ඇගේ දෙනෙත්  බොදුවූයේ මේ  නොසලකා හැරිල්ලටය. 

ඕ හිස  නොනඟාම  සිය ඉවුම්  පිහුම්  රාජකාරියෙහි  නිරතවන  බව දුටු  දම්මට  අනුකම්පාවක්  සිතට  නැගුනද  ඔහු  එය  යටපත්  කර  ගනිමින්  සිය මිතුරන්  සමඟ  එකතු විය. 

චික්:  මොන කරදර  ජීවිතයක්  දැයි  සිතමින්   මැල්ලුමක්  ලියු  ඇගේ  ඇඟිල්ල පිහියේ  තෙරපුණි  ඇයට  වඩාත්ම  රිදුනේය. හිණියට පැමිණී  ලේ බිදු  කිහිපයක්  ඇය චීත්තයෙන්  පිසදැමුවාය.

අ ඔයා උයලා  ඉවරද? අනේ එහෙනම් බෙදලා  දෙන්නකෝ   

ඇය කිසිත් නොදෙඩාම  ඔවුන්ට  පිගන් තබා  බීමට වතුරද  ගෙනැවිත් ලැබුවාය.

  මොකද  බං  ...  අවුල්ද  ?

ආපසු  හැරී  පිටුපායන ඇයට එම වදන්  අසුනත්    නෑසුන  කන්ව සිටියාය.

 යළිත්  ආහාර  ගත්  පසු  වැඩ    බැසගත්  කොල්ලන්  කිහිපදෙන  මඟෑර  දම්ම  ඇය  වෙත  ආවේය.

මේ  ඔය  බුම්මාගෙන  නොයිද  ටිකක්  හිනහාවෙලා  ඉන්නවකෝ  අර  කොල්ලොත් අහනවා උන්ගේ ගෙදර වැඩක් නෙවේ  මේ  කරන්නේ 

සිතුමි  නැසුන  කන්ව  ආපසු  හැරී ගොස් රෑපවාහිණී  යනත්‍රය ක්‍රිියාත්මක  කර  ගත්තාය.

මේ සිනිහායට යකෙක් වැහිලද මාවමනේ කන්න හදන්නේ යැයි සිතූගේ හිත මොර  ගෑවාය. 

සිනහාව මගේ  මුවෙන් ඉමිරි  ගියේ මා හය හතර  නොදත් කාලයේ බැවි  දම්ම නොන්නේය. දුරකතන පහසුකමක්  තවම මේ  නිවසට නොමැති නිසාත්, දම්ම ට අවශ්‍ය ජංගම දුරකථනයක්  පවතින නිසාත් හදිස්සියෙහි හෝ නිවසට හො  යහලුවෙකුට කතා කිරීමට පවා ඇයට හොහැක. අම්මා  ද දුරාවාරයේ කිහිප දවසක්  පැමිණි මූනිච්ජාවට බලා  අදේ විත් හවස ගෙදර දිව්වාය. ඒ නිවසේ පිරිමින්  පඩ ගින්නේ  කියාය.  එහෙත් චූටි අයියාටත් තාත්තාටත් හොදහැටි බතක්  මාළුවක්  උයා පිහා ගැනීමට හැකියාව ඇත්තේය. ඕනෑවට නොවුනත් පරකාසේට වතාවක්  අක්කා    අම්මාද මාසෙකට වතාවක් මෙන් ඉස්සරහා ගෙදර  දුරකථනයට පණිවුඩ  කියයි.

හි බං අපි  ගියා ඔන්න

නංගි  සත්කාර වලට ත්තෑන්ක්

 සිතුමිණි අදුර වැටෙත්ම පිට වී  යන යතුරුපැදි  දෙස බලා  සිටියේ ය. මොනවා  වුනත් හොද කොල්ලෝ ටික  වැඩේ කිව්ව ගමන් එක පයිං ආවේ.

කිව්වා නම් අපේ අයියලත් ඇවිත් උදව් කරන්න තිබුණා  බොරුවට  වියදම් 

නොකෙරුවාට  සිතූ  එය කීවේ ඔලොක්කුවට ඔහුගේ  අදහස කුමක්දැයි දැන ගැනීමට යටි සිතේ   පැන නැගි සිතුවිල්ල නිසාය.

Comments

Popular posts from this blog