“සුගලා සහ
අභීත යන චෛයිතසික ගොනු විසින් ඒ හා
බැදෙන අනෙකුත් සිද්ධි
හා චෛයිතසිකයන් සමඟ
නොඉහිරී සිටීමට
දරණ උත්සාහය යි වීර්යයා”
කර්තෘ වදන
සුගලා
යනු වෙනස් වීම,
වෙනස අපේක්‍ෂා කිරීම වෙනස තුළ දරා ගැනීමට
හැකි චෛයිතසිකයන් ගොන්නකි. ඇය මිනිසා
තුළ පවතින සංස්කෘතික
මිලෙච්ජත්වය දර්ශනය කරනු
වස් කෘතිය තුළ භාවිතා කෙරේ.
ඒ මතු නොව වෙනසට යට නොවන
සංස්කෘතිය හා බැදීම්
හී මිලේචජත්වය කෙතරම්ද? නොබැදීම නොව, බැදි නොබැඳී
සිටින්නට මුදල මත උත්පාධිත
සමාජ සන්දර්භයෙහි ඇති ඉඩ සොයා
ගන්නා වූ ඇය
කරුණාවේ ද මුදිතාවේද
ආදරයේද මූර්තිය වේ. එසේ රුදී සිටීමට දරණ උත්සාහය විර්යය වේ.
අභිත උපේක්‍ෂා සහිත
ලොව දිණන මුත් අවසානයේදී විමුක්තිය ලඟාවන්නේ කිසිවක් භෞතික වශයෙන් දිනා
නොගන්නාටමය. විටෙක සර්වපිත්තල
ලෝකයේ නන්විධ බැදීමෙහි
ගිලෙන, යළි යළිත් ගිලෙන්නට තැත්
දරණ, චෛයිතසික මනෝභාවයන් හා
අරගල කරමින් සිය යුතුකමි හි රැදිම අභීතයි. එයද වීර්යය පිරීමකි. මෙලෙස වූ
චෛයිතසික ගොනු රාශීන්
විටෙන් විට එක් වෙමින්ද, වෙන් වෙමින්ද,ගැටෙමින්ද දිගෑරෙන කථාවයි මේ ......... වීර්යා
පාට පාට විදුලි බුබුළු ගිණිකූරු
මල් පැහැයෙන් දැල්වී නිවෙන රටාව දෙස සුගලා බලා සිටියාය. අන්ධකාර රාත්‍රියේ අදුර සමග චණ්ඩිකම් කරමින් පොරබදන නියෝන් එළි මුළු මහත් භූමියම ආලෝක කලද, ඇතැම් තැන්හී මද අදුරක් පැවතුනේය.
කොන්ක්‍රිට් බදාමයෙන්
තනා ඇති විසල් කණු, අඩි දහයෙන් දහයට ඇති දිග කොරිඩෝරයේ විය. එහි කෙළවර තවත් යාර කිහිපයක් මෑතට වන්නට කළුපාට රතුපාට ආදි නෙක වර්ණයෙන් සැදුම් ලත් රථ වාහන නවතා තිබූහ.
සුගලාට දැඩි පාලුක් තනිකමක් දැනුණි. ඕ වට පිට බැලුවේ දන්නා හදුනන මුහුණක් වේදොහොයි දැකගන්නටය.
විසිතුරු බුමුතුරුණු පලස් මත කලු පැහැ දිලිසෙන සපත්තු සෙරෙප්පු පැලදි මිනිසුන්
එහා මෙහා යයි.
මද වෙලාවකින් පරිසරයේ නිහඬ බව පසාරු කරමින් ජෑස් සංගීතය නැංගේය. කියන කිසිවක් නෑස, සමීපව සිටින්නකු
හට කිසිවක්
පැහැදිලි කර නොහැකි
වන තරම් ශබ්ය නිසා ඇතැමුන් බියර් බිබි බැදපු මස් කමින් සිටියෝය. ඇතැමුන්
අතපය හතර බැද දැමු ගොලුවන් බීරන් සේ බලා සිටියේය.
ගැහැණුන් ද එසේමය ඔවුන්ට ඔවුන්ගේ
ශරීරයන් පැහැයන් සිය
වටිනා ඇදුම් පැලදුම්
පිළීබදව කතා කිරීමට නොහැතිව ලතැවුනහ. උදේ
සිට රාත්‍රිය
වන තුරු ව්‍යායාම
කළද තුන්වේලම නොකා සිටියද එකදු තැනැත්තියක් හෝ ශරීර ප්‍රමාණයෙන්
කුඩා නොවූහ. ඔවුන් විවිධ මාදිලියෙ
රෙදි වලින් මසා නිමකල හැට්ට්වලට
ගැලපෙන කෙටි දිග
සායවල් වලින්ද ගවුම් වලින්ද ඇතැමෙක් සාරි
වලින්ද සැරසී සිටිහය.
සුගලා ගේ උරහිසට කාගේදෝ අතක පහස දැනුණි . ඕ වහා ආපසු හැරී බැලුවාය.
ඇවිත් තිබුනේ නන්දුගේ නැගණියයි.
ඉතිං......අක්කට පාලුයිද? ආ
ආ...
නෑ මං බැලුවේ..., කට්ටිය
තවම නෑ නේද?
සුගලා ඇද පැද කිවේ කම්මැලි බවක් හගවමිණි.
වරුණි ඇගේ හිසේ සිට පාදාන්තය
දක්වා බැල්ම් හෙලාලුවේය.
ඇයි ?
න්න්න්න්නෑ ලස්සනයි
....
ඇය
කීවේ හිනැහෙමිණි.
ඔහෝම ඇදගෙන ඉද්දි උඩරට මැණිකේ කෙනෙක් වගේ අක්කා ඔයා
ඇය සුගලා දෙස
බලා තොල පිට පෙරලා
කීවාය.
මැණිකේලා තමයි බං
ඔන්න බලමු මැණිකෙගේ හැටි යි
වරුණී සිනාසී කීවාය
Comments
Post a Comment